Latestදේශීය

අද රනිල්ට තීරණාත්මකයි

ඕස්ට්‍රේලියාවේ සංචාරයකට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (09) ඉන්දීය විදේශීය ඇමති එස්. ජයශංකර් හමුවී ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඇතුළු දේශපාලන කරුණු සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක නියැලීමට සූදානමකින් සිටී.

මෙම හමුවේ ප්‍රධානම මාතෘකාව වී තිබෙන්නේ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු දූත පිරිස ඉන්දීය මධ්‍යම රජයේ නිල ආරාධනාවකින් සංචාරයක් සඳහා ගෙන්වා ගැනීම බව මේ වනවිට තහවුරු වී ඇත. එමෙන් ම ඉන්දියාවෙන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරන විවිධ ව්‍යාපෘතිවල අනාගතය සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කරනු ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

ඉන්දියානු සාගර කළාප සමුළුවේ 07 වෙනි සැසිවාරය අද සහ හෙට ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී පැවැත්වෙන අතරතුර එයට සහභාගී වී සිටින රටවල් අතරින් ඉන්දියාව නියෝජනය කරමින් මූලිකත්වය ගෙන සිටින්නේ විදේශ ඇමති එස්. ජයශංකර් ය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *