ජොර්දානයේ රැකියාව අහිමිවූ 66ක් යලි දිවයිනට
ජෝර්දානයේ ඇඟලුම් කර්මාන්තශාලා දෙකක සේවය කරමින් සිටියදී ඒවා වසාදැමීම හේතුවෙන් දුෂ්කරතාවයට පත් ශ්රී ලාංකිකයින් 66 දෙනෙකු යළි දිවයිනට පැමිණ තිබේ.
ජෝර්දානයේ අසිල් සහ හයි ඇපරල් නම් මෙම කර්මාන්තශාලා පවත්වා ගෙන ගිය ඉන්දීය ජාතික ආයෝජකයන් එහි සේවය කළ සේවකයින්ට නොදන්වා කර්මාන්ත ශාලා වසා දමා ඇති බව වාර්තා වෙයි.
කෙසේවෙතත් එම කර්මාන්ත ශාලාවල සේවය කළ ශ්රී ලාංකිකයින් පිරිසක් ඔවුන්ට හිමි සියලුම වරප්රසාද ලබාගෙන අද අලුයම කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණ තිබේ.
මෙම ජෝර්දාන කර්මාන්ත ශාලාවේ සේවය කළ තවත් ශ්රී ලාංකිකයන් පිරිසක් ඉදිරි දින දෙක තුළ මෙරටට යොමුකිරිමට නියමිත බවද ජොර්දානයේ ශ්රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

