Latestදේශීය

රනිල්ට අවුරුදු 12ක් දුන්නොත් ආසියාවේ බලවත්ම රට

තවත් වසර දොළහක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රට භාර දුනහොත් ආසියාවේම බලවත් රටක් බවට ශ‍්‍රී ලංකාව පත් කිරීම සුළු කාරණාවක් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

අවුරුද්දකුත් මාස අටක කාලයකදී රට හරි මගට ගැනීමට ජනාධිපතිවරයාට හැකි වූ බවද හෙතෙම පෙන්වා දෙයි.

යන්න ඇති පාර හොඳාකාරවම පැහැදිලි නම් වෙනත් පාරවල් පෙන්නා ජනතාව මුළා කිරීම ජාතියට කරන පාප කර්මයක් බවද මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජනාධිපතිවරයා සියලු නායකයන් කළ වැරැදි නිවැරදි කරමින් ජාතික ප්‍රතිපත්ති රාමුවක් ඔස්සේ ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යමින් සිටින බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *