ජනාධිපතිවරණයක් නැහැ – අවුරුද්දක් අදින්නයි හදන්නේ
ජනාධිපතිවරණය කල්දැමීමට උත්සාහයක් ඇති බව විපක්ෂයේ ප්රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.
සිවිල් සමාජයේ බළල් අත් ඒ සඳහා යොදා ගැනීමේ වෑයමක් ඇතැයිද හෙතෙම කියා සිටියි.
මේ යටතේ පළමුව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවක් ගෙන එනු ඇති බවද එම ක්රියාවලිය සිදුකිරීමට වසරක් පමණ ගතවනු ඇති බවත් හෙතෙම පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කතාවේද ජනාධිපතිවරණය පිළිබඳව කිසිදු සඳහනක් නැති බවත් එනිසා මෙම ඡන්ද කල් දැමීමේ උත්සාහය ඉන්ද පැහැදිලි වන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

