Latestදේශීය

ෆොන්සේකාට එරෙහිව සජබ තීරණය කෘත්‍යාධිකාරී මණ්ඩලයට

සමග ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පක්ෂයේ සභාපතිත්වෙයන් ඉවත් කරන ලෙස එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් විසින් පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා ඇත.

සමගි ජන බලවේගයේ විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයක් ඉදිරි සතියේදී පැවැත්වීමට කටයුතු යොදා ගෙන ඇති අතර එහිදී මේ පිළිබඳව තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

පක්ෂයේ ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග නොතකමෙන් දිගින් දිගටම නායකයා සහ පක්ෂය විවේචනය කරමින් සිටින ඔහු තවදුරටත් පක්ෂයේ සභාපති ධුරයේ තබාගත යුතු දැයි ඔවුන් ප්‍රශ්න කර තිබේ.

තවදුරටත් පක්ෂ සභාපති ධුරයේ ඔහු තබා ගැනීමෙන් විශාල හානියක් සිදුවිය හැකි නිසා වහාම විනය කමිටුවට කැඳවා ක්‍රියා මාර්ග ගන්නා ලෙසද ඉල්ලා ඇත.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *