පැතුම් නිස්සංක පළමු තැනට
මහනුවර පල්ලෙකැලේ පැවති පළමු එක්දින තරගයේදී පැතුම් නිස්සංක ලකුණු 200ක් රැස්කරන ලදි. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින ජාත්‍යන්තර තරගයකදී ක්‍රීඩකයකු ද්විත්ව ශතකයක් ලබා ගත් පළමු අවස්ථාව මෙය වන අතර මෙතෙක් පැවති සනත් ජයසූරියගේ වාර්ථාව ද බිද දමන්නට පැතුම් නිස්සංක ඊයේ සමත් විය.
සනත් ජයසූරිය විසින් 2000 වසරේදී ඉන්දියාවට එරෙහිව සාජාහීදී රැස්කළ ලකුණු 189 එක්දින තරගයකදී ක්‍රීඩකයෙක් ලබාගත් වැඩිම ලකුණු අතර මෙතෙක් ඉහළින්ම පැවති අතර පැතුම් නිස්සංකගේ ද්විත්ව ශතකයත් සමග සනත් ජයසූරිය ඊයේ එම ලකුණු වාර්ථා පොතෙහි දෙවන ස්ථානයට පත්විය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

