Latestවිදේශීය

ජෙට් යානයක් කඩා වැටී දෙදෙනෙක් මියයයි

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දී පෞද්ගලික ජෙට් යානයක් අධිවේගී මාර්ගයකට කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, ජෙට් යානය අනතුරට ලක් වන විට පුද්ගලයින් පස් දෙනෙකු එහි ගමන් කර ඇති බවයි.

ජෙට් යානය අධිවේගී මාර්ගයකට කඩා වැටීමත් සමඟ පුද්ගලයින් තිදෙනෙකුගේ දිවි බේරා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් ව ඇත.

ගුවන් යානය නේපල්ස් නාගරික ගුවන්තොටුපොළට ගොඩබෑමට මිනිත්තු දෙකකට පෙර, ගුවන් නියමුවා විසින් ගමනාගමන පාලකවරයාට යානයේ එන්ජිම ක්‍රියාවිරහිත වී ඇති බව දන්වා හදිසි ගොඩබෑමක් අවශ්‍ය බව පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *