Latestදේශීය

මාස 5ක් ඖෂධ තොගයක් කන්ටේනර් 30ක ගොඩගහලා

නීත්‍යනුකූල ක්‍රමවේද යටතේ පසුගිය සැප්තැම්බර් මාසයේදී විවිධ සමාගම් විසින් මෙරටට ගෙන්වූ ඖෂධ තොගයක් අඩංගු කන්ටේනර් 30කට ආසන්න ප්‍රමාණයක් ගුවන් තොටුපල හා වරාය පර්යන්තවල ගොඩ ගසා ඇති බව වාර්තා වේ.

ඒ, මේ වනවිටත් මෙරටට අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 60ක පමණ හිඟයක් රෝහල්වල පවතින පසුබිමකය.

මෙම ඖෂධ තොග වෛද්‍ය සැපයුම් ඒකකය මගින් මෙතෙක් භාර නොගැනීම නිසා දීර්ඝ කාලයක් මේ ආකාරයට එක ස්ථානයක තැබීමෙන් එම ඖෂධ තොග විනාශයට පත් වීමේ දැඩි අවදානමක් පවතී.

නිසි ශීතාගාර ක්‍රමවේද තුළ පවත්වා ගත යුතු මෙම ඖෂධ තද අව් රශ්මිය පතිත පරිසරය තුළ මේ අන්දමට අනාරක්ෂිත ලෙස ගබඩා කිරීමෙන් ඖෂධවල ගුණාත්මක තත්වය බිඳ වැටීමේ අවදානමක් මතුව තිබෙන අත රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන අවස්ථාව වනවිට එය තත්වයෙන් බාල ඖෂධ බවට පත්වුව හොත් රෝගී ජීවිත අනතුරට පත්වීමේ ඉහළ අවදානමක්ද පවතී.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *