Latestදේශීය

ජවිපෙ ගත් තීරණය ඉතා හොඳයි – බන්දුල ගුණවර්ධන

ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන්ගෙන් එකක් වන ඉන්දියාව එම තත්ත්වය අත්පත් කර ගැනීමට පසුගිය දශක කිහිපය තුළ සිදුකර ඇති වෙනස්කම් ඉන්ද්‍රිය ගෝචරව අවබෝධ කර ගැනීමට ජනතාව විමුක්ති පෙරමුණ ඉන්දියාවේ සංචාරය කිරීම ඉතා හොඳ දෙයක් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ඉන්දියාව පමණක් නොව ජපානය, දකුණු කොරියාව, චීනය යන රටවලටද මෙම පක්ෂයේ නියෝජිතයින් කැඳවා ගැනීමට ඉක්මනින්ම එම රටවල සහයෝගය ලබා දෙන්නේ නම් එය ඉතා විශාල වැදගත්කමකින් යුතු බවද ඔහු පැවසීය.

එමෙන්ම මෙම සංචාරය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ බිම් මට්ටමේ සාමාජිකයන්ද සහභාගී කරවා ගන්නේ නම් ඔවුන්ට ද එම තත්ත්වය අවබෝධ කරගත හැකිවනු ඇතැයිද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

වැල්ලවාය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පළ කරන ලදී.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *