Latestදේශීය

අසංග ජයවික්‍රම සජිත්ගෙන් රනිල් පිලට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුගම්පොල ආසනයේ ආසන සංවිධායක අසංග ජයවික්‍රම පෙරේරා එක්සත් ජාතික පක්ෂය සමග එක් වී ඇති අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඔහු එක්සත් ජාතික පක්ෂයේ කටුගම්පල ආසනයේ ආසන සංවිධායක ලෙස පත් කර ඇත.

ඔහු තම නිවසේ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව පවසා තිබේ.

අසංග ජයවික්‍රම පෙරේරා හිටපු ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරාගේ පුතෙකි.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයෙකු ලෙසද කටයුතු කළ ජයවික්‍රම පෙරේරා පසුව එක්සත් ජාතික පක්ෂයෙන් දෙකඩ වී ගිය සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය සමග එක් විය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *