සෞඛ්‍ය සේවා වර්ජනයක් නැවතත් ?
හෙට (13) හෝ අනිද්දා (14) දිනයේ නැවත වතාවක් සෞඛ්‍ය වැඩවර්ජනයකට යොමුවීමට සිදුවනු ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි.
අද (12) මුදල් අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡා සාර්ථක නොවීම හේතුවෙන් එම තීරණය ගත් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියා සිටියේය.
නායකත්ව මණ්ඩලය අද දහවල් රැස්වීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ජනාධිපතිවරයාගේ මැදිහත් වීමක් මෙම ගැටලුවට අත්‍යවශ්‍ය බවත් එසේ නොමැති වුවහොත් ජනතාව දැඩි අසීරුතාවයකට ලක්විය හැකි බවත් ඔහු පැවසීය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

