ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා online ක්‍රමයට
2023 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා අයැදුම්පත් Online ක්‍රමයට අද (13) සිට යොමු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
පසුගිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 6 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා අභියාචනා අද සිට පෙබරවාරි 29 වැනිදා දක්වා Online ක්‍රමයට යොමු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස උපරිම වශයෙන් පාසල් 3ක් සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවද එම අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

