Latestදේශීය

අලි සබ්‍රි මහතා ගමන් කළ මෝටර් රථය අනතුරකට


පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා ගමන් කරමින් තිබූ මෝටර් රථය අනතුරට ලක්වී ඇත.
මෙම අනතුර හේතුවෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව සාලියවැව පොලීසිය සඳහන් කරයි.

අද (13) අලුයම 1.00ට පමණ පුත්තලම – අනුරාධපුර මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇති බවයි සඳහන් වන්නේ.ඉහළ පුලියන්කුලම – අලුත්ගම පදිංචිකරුවෙකු වන එච්.එම්.හර්ෂණ ප්‍රදීප් නම් අයෙක් මෙම අනතුරින් තුවාල ලබා ඇත.

එම පුද්ගලයාට ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත. මෙසේ තුවාල ලබා ඇත්තේ අත්ට්‍රැක්ටරය පදවා ගෙන ගිය පුද්ගලයා බව පොලීසිය සඳහන් කරයි.

මන්ත්‍රීවරයා පුත්තලමේ සිට අනුරාධපුර දෙසට ගමන් කරමින් සිටිය දී එම දෙසටම ධාවනය වූ අත්ට්‍රැක්ටරයක පිටුපස මන්ත්‍රීවරයාගේ මෝටර් රථය ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
මෙම අනතුර සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ගමන් කළ මෝටර් රථය පැදවූ රියදුරුව සාලියවැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සාලියවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *