Latestදේශීය

දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුමෙන් සැකකරුවන් 538 ක් අත්අඩංගුවට

විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මුළු දිවයිනම ආවරණය වන පරිදි පසුගිය දෙසැම්බර් 17 සිට  ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ මෙහෙයුම් ආරම්භ කර තිබේ. ඊට සමගාමීව ඊයේ දිනය තුළ සිදු කරන ලද මුළු  වැටලීම් 547 කට අදාලව සැකකරුවන් 538 ක් හා සැකකාරියන් 07ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

දිවයින පුරා ආවරණය වන පරිදි සිදු කලමෙහෙයුමේදී හෙරොයින් ග්‍රෑම් 160ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 152ක්, ගංජා ග්‍රෑම් 10747ක් සොයා ගන්නා ලද අතර බස්නාහිර හා දකුණු පළාතින් වැඩිම වැටලීම් ගණනක් සිදුකර තිබුණි. බස්නාහිර පළාතේ සිදු කරන ලද වැටලීම් 306කින් හෙරොයින් ග්‍රෑම් 79ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 102ක්, ගංජා ග්‍රෑම් 145ක් සොයාගෙන ඇති අතර සැකකරුවන් 301 හා සැකකාරියන් 05ක් අත්අඩංගුවට ගෙන ඇත. දකුණු පළාතේ වැටලීම් 67කින් සැකකරුවන් 67ක් හා එක් සැකකාරියක් අත්අඩංගුවට ගැනුණ අතර හෙරොයින් ග්‍රෑම් 06ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06ක්, ගංජා ග්‍රෑම් 9487ක් පොලිස් භාරයට පත් වී ඇත.

විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාල මර්ධනය කරමින් නී‌තියේ රැහැනට හසුකර කර ගැනීමේ දීප ව්‍යාප්ත විශේෂ වැටලීම් මාලාවකට අදාළ ව මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි වූ බව තවදුරටත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් සඳහන් කර ඇත


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *