සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් වැඩ වර්ජනයක
සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද දින(13) උදෑසන 06.30 සිට වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට මට තීරණය කර ඇත.
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කරන්නේ වෛද්‍යවරුන්ට ලබාදෙන ඩැට් දීමනාවට සමාන දීමනාවක් තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා මෙම වර්ජනය ක්‍රියාත්මක වන බවයි.
මේ අතර හෙද සේවාවේ නියුතු සේවකයින් ද හෙට දින(14) කොළඹදී විරෝධතාවයක් පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.
ඉල්ලීම් කිහිපයකට විසඳුම් නොලැබීම හේතුවෙන් හෙට දින මෙම විරෝධතාවය පවත්වන බව සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්.බී මැදිවත්ත මහතා සඳහන් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

