තායිලන්තයේ හිටපු අගමැති නිදහස්
සිරදඬුවම් නියමවී සිටි තායිලන්තයේ හිටපු අගමැති තක්සින් සිනවත් ව මාස 6ක් රඳවා තබා ගැනීමෙන් අනතුරුව අද (13) නිදහස් කළ බව එරට අගමැති ශ්රේතා තවිසින් පැවසීය.
තායිලන්තයේ දියුණුව වෙනුවෙන් හිටපු අගමැතිවරයා සිදුකළ සේවය සම්බන්ධයෙන් ද අගමැතිවරයා විසින් එහිදී කරුණු දක්වා තිබුණි.
හිටපු අග්රාමාත්යවරයාට එරෙහිව වසර 8ක සිර දඬුවම් නියමකර තිබුණු අතර ඔහු මීට වසරකට පෙර නැවත තායිලන්තයට පැමිණියේ වසර 15ක පමණ කාලයක් විදෙස්ගතව ජීවත්වීමෙන් පසුව යි.
74 හැවිරිදි හිටපු අගමැතිවරයාට එරෙහිව පනවා තිබූ වසර 8ක සිර දඬුවම ඔහු නැවත තායිලන්තයට පැමිණීමෙන් අනතුරුව වසරක් දක්වා අඩු කිරීමට එරට රජු නියෝග කළේය.
නමුත් ඔහු සිය දඬුවමේ එක් දිනයක් හෝ බන්ධනාගාරයක ගත කර නොමැත.
ඔහු එම මාස 6ක කාලය ගත කළේ රෝහලක ය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

