බැසිල් හදිසියේම ලංකාවට
ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු දූත පිරිස ඉන්දියානු රජයේ නිල ආරාධනාවෙන් සිදු කළ සංචාරයේ උණුසුම ඇමරිකාවේ සිටින බැසිල් රාජපක්ෂට පවා තදින් දැනී ඇති බව වර්තා වේ.
මේ සමඟම ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග සඳහා ඔහු ඍජුව සම්බන්ධවීම සඳහා මෙම මස අවසන්වීමට පෙර ආපසු ලංකාවට පැමිණීමට සූදානමින් සිටින බව වාර්තා වේ. එම පක්ෂයේ ආරංචිමාර්ග හෙළි කරන්නේ මාර්තු මස අවසානයේ ඔහු පෙරලා පැමිණීමට නියමිතව තිබූ බව ය.
මේ වනවිට නාමල් රාජපක්ෂ පක්ෂයේ අභ්‍යන්තර කටයුතු අත්තනෝමතික කර ගෙන යන බවත් එම තත්වය තුලනය කර ගැනීම සම්බන්ධයෙන් සැලසුම් කරමින් සිටින බව හෙළි වේ. එහෙත්, ඉන්දියාව ජාතික ජන බලවේගයේ දූත පිරිසට ලබා දුන් නිල ආරාධනයෙන් දේශපාලන පොර පිටිය නව වටයකින් උණුසුම් වීම පිළිබඳ අති ප්‍රමුඛතාවයක් ලබා දී ක්‍රියා කිරීමට බැසිල් රාජපක්ෂ රට තුළ සිටිය යුතුම බව සාගර කාරියවසම් ප්‍රමුඛ පිරිසක් තද බල ඉල්ලීමක් කර ඇත.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

