ඇමරිකාවට සහ යුරොපා සංගමයට පුටින් අනතුරු අඟවයි
අමෙරිකාව සහ යුරෝපීය සංගමයේ රටවල්, ඩොලර් බිලියන ගණනක් වටිනා සිය සම්පත් වෙනත් කටයුතු සඳහා භාවිත කළහොත් ඊට එරෙහිව දැඩි ප්‍රතිචාරයක් ලබාදෙන බව රුසියාව අනතුරු අඟවයි.
2022 වසරේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් යුක්‍රේනයට හමුදාව යැවීමෙන් පසුව අමෙරිකාව සහ ඔවුන්ගේ මිත්‍ර රටවල් රුසියානු මහ බැංකුව සහ මුදල් අමාත්‍යංශය සමග ගනුදෙනු කිරීම තහනම් කළේය.
ඒ හේතුවෙන් රුසියාව සතු ඩොලර් බිලියන 300ක් පමණ වටින සම්පත් සහ දේපොළ බටහිර රටවල සිරවී තිබේ.
එසේ අත්හිටුවා ඇති ධනය භාවිත කර යුක්‍රේනය නැවත ගොඩ නැගීමට යුරෝපා සංගමය සැලසුම් කරයි.
ඊට ප්‍රතිචාර ලෙස රුසියාව පැවසුවේ එය සොරකමක් ලෙස තම රට සලකන බවත් සොරුන්ට එරෙහිව නිසි ප්‍රතිචාරය දක්වන බවත් ය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

