Latestදේශීය

රජයේ රෝහල්වල ඖෂධ හිඟයක්

රජයේ රෝහල්වල  අත්‍යවශ්‍ය ඖෂධ වර්ග තුන්සියයක පමණ හිගයක් පවතින අතර මෙය දිනෙන් දිනම උග්‍ර අතට හැරෙමින් පවතින  බව වාර්තා වෙයි.

පවතින තත්ත්වය මත සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළම බලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා නිතර පැවතිය ද ඖෂධ හිඟය මැඩපවත්වා ගැනීම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් මේ වන තෙක් සිදුව නැති බව අමාත්‍යංශය ආරංචි මාර්ග පවසයි..

ඖෂධ වර්ග 245 ක  ප්‍රමාණයකට ලියාපදිංචි සැපයුම්කරුවම් නැති අතර ලියාපදිංචි වුවද උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත් නොකළ ඖෂධ වර්ග සඳහා සැපයුම්කරුවන් උපරිම සිල්ලර මිල ඉදිරිපත් නොකිරීම නිසා ඖෂධ සංස්ථාව ඔවුන් වෙත ටෙන්ඩර් ප්‍රධානය කිරීම අත්හිටුවා තිබෙනවා.

මෙම තත්ත්වය තුළ රටේ  විශාල ඖෂධ හිගයක් ඇතිවීමේ තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව වාර්තා වෙයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *