ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන තුන්වන එක්දින තරගය අද
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන හා අවසන් එක්දින තරගය අද(14) පැවැත්වෙනවා.
අද පස්වරු 2.30 ට පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී දිවා/රාත්‍රී තරඟය ආරම්භවීමට නියමිතයි.
තරඟාවලියේ එක් තරගයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කර ඇති හෙයින් අද තරඟයද ජයගෙන සම්පූර්ණ තරගාවලිය ජය ගැනීමේ අපේක්ෂාවෙන් ඔවුන් පසුවේ.
“අපට අපේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවශ්‍ය වන්නේ කොහොමද කියා පැහැදිලියි. අපේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට අපට ලකුණු තියෙන හොඳ තණතිලි අවශ්‍ය වෙනවා. ඒ වගේම ක්‍රීඩකයන්ට එම ක්‍රීඩා සැලැස්ම ශක්තිමත් කිරීමට අවස්ථාව ලබා දිය යුතුයි. පල්ලෙකැලේ තණතිල්ල විශිෂ්ටයි. අපි ගොඩක් ලකුණු දැක්කා. අපට විශාල ලකුණු ලබා ගැනීමට හැකි විය යුතුයි. එවිට අපට ආරක්ෂා වීමට හැකියාව ලැබෙනවා” ශ්‍රී ලංකා පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා ඊයේ පල්ලෙකැලේ පිටියේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

