Latestවිදේශීය

ලෝකයම කතා කරන අපූරු විවාහ උත්සවය

ආදරවන්තයින්ගේ දිනයේදී ලෝකෙම දන්නා අග්‍රාමාත්‍යවරයෙකු කළ අපූරු විවාහ ගිවිසගැනීමක් පිළිබඳව මේ වනවිට විශේෂ කතාබහක් ඇතිවී තිබේ.

මෙම අපූරු විවාහ ගිවිසගැනීම සිදුකර ඇත්තේ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese විසින්.

ඔහුගේ අතගැනීමට වාසනාවන්ත වී ඇත්තේ Jodie Haydon නමැති කාන්තාවක්. 

මේ වනවිට 60 හැවිරිදි වියේ පසුවන ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese සහ 45 හැවිරිදි වියේ පසුවන Jodie Haydon මුණගැසී ඇත්තේ 2020 වසරේදීය.

මේ අතර මෙම විවාහ ගිවිසගැනීම ඉතිහාසගතවන්නේ අග්‍රාමාත්‍ය ධුරයේ සිටියදී විවාහ ගිවිසගත් පළමු ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ලෙසටය.

Anthony Albanese සහ Jodie Haydon සෙල්ෆි ඡායාරූපයක් පළකරමින් තමන් විවාහ ගිවිසගත් බව නිවේදනය කර තිබුණි.

Anthony Albanese වසරකට පෙර Carmel Tebbutt දික්කසාද වූ අතර 23 හැවිරිදි වියේ පසුවන පුත්‍රයෙකු ද සිටී.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *