Latestදේශීය

විශ්ව විද්‍යාල 3ක් අළුතින් ඉදිකරනවා – සුරේන් රාඝවන්

(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර විශ්ව විද්‍යාල තුනක් ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට නියමිත බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පැවසීය. 

අධ්‍යාපනය සම්බන්ධ ජාත්‍යන්තර අත්දැකීම් ඇති විශේෂඥයන් මෙරටට පැමිණ නිරීක්ෂණයෙන් පසුව රාජ්‍ය විශ්වවිද්‍යාල හරහා බහුවිධ උපාධි ලබාදීමට අවධානය යොමු කර ඇති බව ද රාඝවන් මහතා කීය.

ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා මෙි බව කීය.

විජේදාස රාජපක්ෂ කමිටු වාර්තාව සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කමිටු වාර්තාව එක් කර නව උසස් අධ්‍යාපන සංවර්ධන කොමිසම ඇරඹීමේ මූලික සාකච්ඡා මේ දිනවල පැවැත්වෙන බවද එම කමිටුවේ සභාපතීත්වය සඳහා හිටපු අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා පත් කර ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *