Latestදේශීය

අනුර විපක්ෂ නායක වෙනවා – පලනි දිගම්බරන්

ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසුව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා වීමට වැඩි ඉඩක් ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් මහතා පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා නියත වශයෙන්ම ජනාධිපති ධුරයට පත්වනු ඇති බවත් පවසනු ඔහු අනතුරුව පැවැත්වෙන මහ මැතිවරණයේ දී අනුර දිසානායක මහා විපක්ෂ නායක වනු ඇති බවද කියා සිටියේය.

මෑතකදී අනුර දිසානායක මහතා ඉන්දියාවේ සිදු කරන ලද සංචාරය ඉතා හොඳ දෙයක් බවද හෙතෙම තවදුරටත් කියා සිටී.

ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ දමිළ මාධ්‍ය නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *