Latestදේශීය

දුම්රිය අනතුරක්

යාපනය ඉනුවිල් ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක පිහිටි දුම්රිය හරස්මාර්ගයක් හරහා ධාවනය වූ වෑන් රථයක් ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් සිදු වූ මාරක රිය අනතුරකින් පියා සහ මාස 06 ක බිළිඳිය (14) රාත්‍රියේ මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.

අනුරාධපුර සිට කන්කසන්තුරෙයි දක්වා ධාවනය වූ නගරාන්තර සීග්‍රගාමී දුම්රියකට මෙලෙස ඉනුවිල් දුම්රිය හරස්මාර්ගයකදී වෑන් රථය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

දුමරිය හරස්මාර්ගයේදී වෑන්රථය ධාවනය වූ අවස්ථාවේදී ඒහි මුරකරුවෙකු නොසිටි බවටද ප්‍රදේශවාසීන් විසින් පොලීසියට පවසා ඇත.

අනතුරින් පසුව පියා සහ දියණිය ඒම ස්ථානයේම මියගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ මව මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ලබයි.

වෑන් රථය පැදවූ රියදුරුගේ අපරික්ෂාකාරී බාවය අනතුරට හේතුව බවට සැකපල කරන බවටද යාපනය පොලීසිය පැවසීය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *