Latestදේශීයවිදේශීය

ශ්‍රී ලාංකිකයින් 25ක් මාලදිවයිනෙන් පිටුවහල් කෙරේ

නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙකු ඇතුළු විදේශිකයන් 186 දෙනෙකු පිටුවහල් කිරීමට මාලදිවයින රජය තීරණය කර තිබේ.

වීසා උල්ලංඝනය කිරීම් සහ මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ පිරිසක් මෙලෙස එරටින් පිටුවහල් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත.

පිටුවහල් කෙරෙන පිරිස අතරට ශ්‍රී ලාංකිකයන් 25 දෙනාට අමතර ව බංග්ලාදේශ ජාතිකයන් 83 දෙනෙකු, ඉන්දීය ජාතිකයන් 46 දෙනෙකු සහ නේපාල ජාතිකයන් 08 දෙනෙකු වන බව සඳහන් වේ.

කෙසේ වෙතත් අදාළ විදේශිකයන් පිරිස පිටුවහල් කෙරෙන නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බව වාර්තා වේ.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *