Latestදේශීය

‘අමුල්’ ආදර්ශමත් සමුපකාර ක‍්‍රමයක්.. ‘අමුල්’ ගැන චිත‍්‍රපටයක් ජවිපෙ සාමාජිකයන්ට පෙන්නුවා – අනුර දිසානායක

ඉන්දියාවේ අමුල් කිරි කර්මාන්තය නිරීක්‍ෂණය සඳහා තමන් මීට අවුරුදු පහළොවකට දාසයකට කලින්ද ගිය බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ අධ්‍යාපන සාකච්චාවලදී අමුල් පිළිබඳව වන චිත‍්‍රපටයක්ද පෙන්වා ඇති බවද හෙතෙම පවසයි.අමුල් සමාගම ගොඩනැගෙන්නේ සමූපකාර ක්‍රමයක් හරහා බවත් ඒ යටතේ ගොවියාට සියයට අසූවක ආදායමක් ලැබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය ගොඩනැගීම සඳහා ඔවුනගේ තාක්ෂණික සහාය ලබා ගැනීමට කැමති නමුත් මෙරට කිරි වෙළඳපොළ සම්පූර්ණ වශයෙන් අත්පත් කර ගැනීමට විරුද්ධ බවත් මෙවර ඉන්දීය සංචාරයේදී තමන් අමුල් සමාගම සමග පැවසූ බවත් ඔහු සඳහන් කළේය.

රූපවාහිනි නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

lanka C news


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *