කෙහෙළිය 29 දක්වා රිමාන්ඩ්
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල තවත් සති දෙකක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදීය.
ප‍්‍රශ්නගත මානව ප්‍රතිදේහ එන්නත් ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති ඇතුළු සෙසු සැකකරුවන් හය දෙනාම පෙබරවාරි 29 වන දක්වා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
කෙහෙලිය රඹුක්වැල්ල මහතා සම්බන්ධයෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේදී කියා සිටියේ තම සේවාදායකයා නින්දෙන් හුස්ම හිරවීමේ රෝගී තත්ත්වයකින් පෙලෙන බවත් එවන් අවස්ථාවක දී කෘතිම ඔක්සිජන් ලබාදිය යුතු බවත්ය.
එමෙන්ම තවත් රෝගී තත්ත්ව කිහිපයක්ම ඇති නිසා බන්ධනාගාරයේ එම රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබා දිය නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

