Latestදේශීය

”පියුමා”  මෙරටට

කුඩු සළිඳු නැමැත්තාගේ ගෝලයෙකු බව කියන ඩුබායිහිදී අත්අඩංගුවට ගනු ලැබූ හපුආරච්චිගේ දොන් පියුම් හස්තික නොහොත් පියුමා නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අලුයම මෙරටට රැගෙන එනු ලැබුවේ ය. ඹහුව පැය 72 ක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කළ බව පොලිසිය පවසයි.

පානදුර අධිකරණයේ විවෘත වරෙන්තු 04 ක් සැකකරු නිකුත් කර ඇති අතර 2021 ජනවාරි 25 වැනිදා පානදුර උතුර පොලිස් වසමේදී ලක්ෂාන් සඳරුවන් නැමැත්තා ඝාතනය කිරීම, 2020 ජුනි මාසයේ 29 වැනිදා මොරටුව, කටුබැද්ද මංසන්ධියේදී ද්විත්ව ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.

පියුමා විසින් අවස්ථා කිහිපයකදී කුඩු සලිඳු නැමැත්තාගේ වැඩිමහල් සහෝදරයා සමග රුපියල් මිලියන 83 ක් ගනුදෙනු කර ඇති බවටද අනාවරණ කරගෙන ඇතැයි පොලිසිය ප්‍රකාශ කළේ ය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *