පුටින් බයිඩන්ට කැමතියි
ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා තමන් ජෝ බයිඩන් ප්‍රිය කරන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
රුසියන් ජනාධිපති පුටින් මෙසේ පැවැසුවත්, ක්‍රෙම්ලීනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ලබන නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් කවුරු ජයග්‍රහණය කළත්, එම තැනැත්තා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ක්‍රෙම්ලීනය සූදානම් බවය.
තමන් රිපබ්ලිකන් පාක්ෂික ට්‍රම්ප්ට වඩා ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන් ප්‍රිය කරන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැවැසුවේ මාධ්‍යවේදිකයකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

‘බයිඩන් කියන්නේ පරණ විදියට හිතන කෙනෙක්. දක්ෂ දේශපාලනඥයෙක්. ඔහුට අත්දැකිම් තියෙනවා. ඔහු පරිණතයි. මා ඔහුට කැමැතියි’ යැයි පුටින් පැහැදිලි කර තිබේ.
ඇමෙරිකා ජනාධිපති ධුරයට පත් වයස්ගතම පුද්ගලයා වන්නේ බයිඩන්ය. නොවැම්බර් ජනාධිපතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදී බයිඩන් ඔහුගේ අසූ දෙහැවිරිදි උපන් දිනය සමරනු ඇත.
පුටින්ගේ වැඩි කැමැත්ත හිමි නොවුණත් කෝටිපති ව්‍යාපාරිකයකු ද වන ට්‍රම්ප් රුසියන් හිතවාදියකු බව පැවැසෙයි. 77 හැවිරිදි ට්‍රම්ප් ඇමෙරිකන් ජනාධිපති ධුරය හෙබවූයේ 2017 සිට 2021 දක්වා කාලයේය. ට්‍රම්ප් සහ පුටින් අවස්ථා ගණනකදී මුහුණට මුහුණ හමුවී ඇත.

(ඒ.එෆ්.පී.)
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

