Latestදේශීය

පොහොට්ටුව කාව දැම්මත් වැඩක් නැහැ රනිල්ටයි වැඩකරන්නේ – ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්

දැඩි රාජපක්ෂවාදියෙකු වූ ජනක තෙන්නකෝන් මෙන් ම, ඔහුගේ පුතා වන ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මීලඟ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහයෝගය දෙන බව ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කර තිබේ.

ඊයේ (16) පවත්වන ලද මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ. අදාළ තීරණය වැඩි දුරටත් තහවුරු කළේ “පක්ෂය මොන තීරණ ගත්තත් මම ජනාධිපතිතුමාට උදව් කරනවා. තරුණ මැති ඇමතිවරු ඉන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඕන කියන තැනක. මම ඒ අයට වඩා හයියෙන් ඒ බව කියනවා“ යනුවෙන් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර ඇත.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2022 ජූලි මාසයේදී සාමකාමී මහජන අරගලයකින් පලවා හැරීමෙන් පසුව නැවත මෙරටට පැමිණ සුදුසු නිල නිවසක් තෝරා ගැනීමේ දී මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ජනක බණ්ඩාර තෙන්නකෝන් එතෙක් රැඳී සිටි නිවස දැඩි බලපෑමකට යටත්ව ලබා දීමට සිදුවිය. එහෙත් මේ දක්වා රාජපක්ෂලාගේ සමීපතමයන් ලෙස සිටි ඔවුන් මේ වනවිට රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ප්‍රසිද්ධියේ මත පළ කිරීමට ඉදිරිපත් වී සිටී.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *