රවිචන්ද්‍රන් අශ්වින් ඉවත්වෙයි
ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් මේ වන විට පැවැත්වෙන ඉන්දු – එංගලන්ත ටෙස්ට් තරගාවලියෙන් ඉවත් වී තිබේ.
ඒ, ඔහුගේ පෞද්ගලික හේතුවක් නිසා බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර ඇත.
එංගලන්තය සහ ඉන්දියාව අතර රාජ්කෝට්හී පැවැත්වෙන තුන් වැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (16) දිනයේ දී අශ්වින් ලකුණු 37ක් රැස් කළේ ය.
එසේම ඊයේ දිනයේ දී එක් කඩුල්ලක් දවාගනිමින් සිය ටෙස්ට් කඩුලු 500 සීමාව පසුකිරීමටත් ඔහු සමත් විය.
නමුත් ඊයේ හදිසියේම අශ්වින් සිය පෞද්ගලික හේතුවක් නිසා තරගයෙන් ඉවත් විය යුතු බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දන්වා ඇති අතර, ඔහුගේ අවශ්‍යතාව සලකා බැලූ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඊට අවසර ලබා දී තිබේ.
ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, ක්‍රීඩකයින්ගේ සහ ඔවුන්ගේ ආදරණීයයන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම ඉතා වැදගත් බවත් මේ අවස්ථාවේ දී අශ්වින්ට සහ ඔහුගේ පවුලේ අයට හෘදයංගම සහයෝගය ලබා දෙන බවයි”.
මේ අතර, ඊයේ දිනයේදීම අශ්වින් සිය මව සමඟ චෙන්නායි බලා පිටත් ව ගොස් ඇති බවත් මවගේ රෝගී තත්ත්වයක් හේතුවෙන් අශ්වින් මෙලෙස ඉවත් ව ඇති බවත් විදෙස් මාධ්‍යය වාර්තා කර තිබේ.
මේ වන විට එංගලන්ත – ඉන්දියා ටෙස්ට් තරගාවලියේ තරගය බැගින් කණ්ඩායම් දෙකම ජයගෙන තිබීම නිසා තරගාවලියේ ජය වෙනුවෙන් මෙම තරගය ඉතාමත් තීරණාත්මක වනු ඇත.
අශ්වින්ගේ ඉවත් වීමත් සමඟ පන්දු යවන්නෙක් හෝ පිතිකරුවෙක් ලෙස ක්‍රීඩකයෙක් කණ්ඩායමට ඇතුළු කිරීමට ඉන්දියාවට අවස්ථාව හිමි නොවන අතර පන්දු රකින්නෙක් ලෙස ක්‍රීඩකයෙක් කණ්ඩායමට ඇතුළු කිරීමට අවස්ථාව හිමි වනු ඇත.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

