Latestදේශීය

සජිත් හැරදා 4ක් රනිල්ගේ ඇමතිකම් ගැනීමට සැරසේ

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතර දෙනකු ආණ්ඩුවට එක්වනු ඇති බවට ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ අනුව ඉදිරි සති කිහිපය ඇතුළත මෙම සිවු දෙනා ආණ්ඩුවට එක්වනු ඇති අතර ඔවුන්ට ඇමති ධූර ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා වෙමින් ඇතැයිද වාර්තා වේ.

මෙසේ ආණ්ඩුවට එක් වනු ඇත්තේ ගත වූ කාලය පුරාම ජනාධිපතිවරයා සහ ආණ්ඩුව සමඟ සමීපව කටයුතු කළ අයයි.

මෙම පිරිස සමගි ජන බලවේග විසින් සංවිධානය කළ ජන හමු විරෝධතා වලටද සහභාගිත්වයක් නොවූ අයද වෙති.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *