Latestදේශීය

හරීන්ගේ කට සහ ආන්ඩුවේ හෙට

ඇමති හරීන් ප්‍රනාන්දු ඉන්දීයාවේදී කර තිබෙන ප්‍රකාශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද උල්ලංඝණය කරන රාජ්‍ය විරෝධී ප්‍රකාශයක් බව බොහෝ දෙනෙකු පෙන්වා දීමත් සමග කැබිනට් මණ්ඩලයෙන් ඔහු ඉවත් කළ යුතු බවට යෝජනාවක් පවතින බව වාර්තා වේ.

පසුගිය සඳුදා රැස් වූ කැබිනට් මණ්ඩයේදී එක් ඇමතිවරයෙක් එම ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට උත්සාහ කළද එය යටපත්කරගෙන වෙනත් කරුණු මතු කිරීමට ඇමතිවරු පිරිසක් ක්‍රියා කර ඇති බව හෙළි වේ. එහෙත් රට තුළ මේ පිළිබඳව සංවාදය උණුසුම් වීම නිසා ඇමතිවරු ගණනාවක්ම ඒ පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහට කරුණු දක්වා ඇතයි වාර්තා වේ.

මේ සමගම ඇතැම් මූලාශ්‍ර සඳහන් කරන්නේ හරීන් ප්‍රනාන්දු තාවකාලිකව කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කර තත්වය සමහන් කර ගැනීමට ක්‍රියා කරන ලෙස ජනාධිපතිගෙන් ඇමතිවරු ගණනාවක් ඉල්ලා ඇති බවය. ඔවුන්ගේ අදහස වී තිබෙන්නේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් පෙත්සම් ගොනු කිරීමට පෙර හරීන් ප්‍රනාන්දුගේ ඇමති ධුරය සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගයක් ගත යුතු බවය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *