Latestදේශීය

2032 වනවිට සිදුවන පරම සත්‍යය බන්දුල කියයි

මෙරට ආර්ථික අර්බුදයට ලබන මාසයේදී විසඳුමක් ලැබෙතැයි කීම අසත්‍ය බව අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

කවුරු ජනාධිපති වුවත් කවුරු ආණ්ඩු කළත් කිසිම හේතුවක් මත 2032 වසර වන විට නැවත විදේශ ණය ලබාගත නොහැකි බවත් පැවසූ ඔහු විදේශ සම්පත් පරතරය සියයට දාහතරකට වඩා පියවිය නොහැකි බවත් කියා සිටියේය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍යය අරමුදල ලෝක බැංකුව හා අනෙකුත් විදේශීය මුල්‍ය ආයතන සමග ණය එකඟතා ඇති කරගෙන තිබෙන ආකාරය පිළිබඳව පරම සත්‍යය කිසිවකු පිළි නොගන්නා බවත් හෙතෙම කියා සිටියේය.

ජාත්‍යන්තර යේ අරමුදල සමග වන එකඟතාවයන් ගැන පාර්ලිමේන්තුවට දැනුම් දුන් බවද පැවසූ ඔහු පාර්ලිමේන්තුවේ කිසිවකු මේ පිළිබඳව අවධානය යොමු නොකරන බැවින් අවශ්‍ය වාර්තා සභාගත කළ බවද කියා සිටියේය.

කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *