5 ශ්‍රේණියේ ළමුන් 4 දෙනෙක් මත්පෙති පානය කරලා
කුරුණෑගල – මාදුරාගොඩ ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලයක 05 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් සිව් දෙනෙකු මත් පෙති වර්ගයක් පානය කිරීම හේතුවෙන් රෝහල්ගත කර තිබේ.
රෝහල්ගත කර සිටින සිසුවෙක් තම පියා විසින් සඟවා තිබූ කිසියම් පෙති වර්ගයක් පාසලට ගෙන ගොස් සෙසු සිසුන් තිදෙනා සමඟ පානය කිරීම නිසා ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් ඔවුන් කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පැවසුවේය.
පොලීසිය සඳහන් කළේ, මත්පෙති පාසලට රැගෙන ගිය දරුවාගේ පියා හෙරොයින් මත්ද්‍රව්‍යයට තදින් ඇබ්බැහි වූවෙකු වන අතර, ඔහුට මත්ද්‍රව්‍ය නඩු කිහිපයක් ද පවතින බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මාදුරාගොඩ පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

