Latestදේශීය

සැකකරුගේ ජංගම දුරකථනය පොලිස් නිළධාරියා විකුණලා

(ඉන්දිකා රාමනායක)

පොලිස් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවකු සන්තකයේ තිබූ රුපියල් 58,000ක් වටිනා ජංගම දුරකතනයක් රුපියල් 5,000කට පුද්ගලයකුට අලෙවි කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් භටයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අම්පාර මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටින පොලිස් කොස්තාපල් රියැදුරෙකි.

අම්පාර ප්‍රදේශයේ පසුගිය වසරේ ජුලි 30 වැනිදා පැවැති සැණකෙළියක් අතරතුරදී සැණකෙළි භූමියේදී ඇති වූ සිද්ධියක් මුල් කරගෙන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් එම පුද්ගලායගේ ජංගම දුරකතනය පොලිසිය භාරයට ගෙන ඇත.

පොලිසිය භාරයට ගත් ජංගම දුරකතනය ඉහත සැකකාර කොස්තාපල් වෙනත් පුද්ගලයකුට අලෙවි කර ඇති බව ද පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් ජංගම දුරකතන හිමිකරු පොලිසියට කළ පැමිණිල්ලකට අනුව, අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විමර්ශන ආරම්භ කර තිබුණි.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *