Latestදේශීය

ඉරාන විදේශ අමාත්‍යවරයා අද (19)  දිවයිනට

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ඇරයුමකට අනුව දෙදින නිල සංචාරයක් සඳහා ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර් අද (19)  දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. 

ඔහු මෙරට රැඳී සිටින කාලසීමාවේදී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුවීමට නියමිතව තිබේ. ඔහු සමග ඉරාන ජනාධිපති කාර්යාලයේ, බලශක්ති අමාත්‍යාංශයේ සහ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් දිවයිනට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

ඉරාන විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිස ලබන 21 වැනිදා යළි දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබේ. 

මේ අතර, ඉරාන යුද නෞකා දෙකක් පසුගියදා දිවයිනට සේන්දු විය.ඒ, දෙරටේ නාවික හමුදා අතර සුහදතාව වර්ධනය කරගැනීමේ අරමුණින් ය. එම නෞකා අද දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *