Latestදේශීය

ලොරිය පෙරලී පුද්ගලයෙක් මියයයි

( ශාන්ත චන්ද්‍රසිරි)

තලවකැලේ, කිරිමැටිය හරහා නුවරඑළිය මාර්ගයේ ධාවන වු ලොරි රථයක් ඩෙස්ෆෝඩ් ප්‍රදේශයේදී  මාර්ගයෙන් ඉවතට පැන අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරළීයාමෙන් එහි ගමන් ගත් එක් අයෙකු ජීවිතක්ෂයට  පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි නානුඔය පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නානුඔය, ඩෙස්ෆෝඩ් වත්තේ පදිංචිව සිටි වඩමලෙයි මයිල්වාගනම් (57) නැමැති අයෙකු බව පොලීසිය කියයි.

ලොරි රථයේ රියදුරා සහ රිය සහායකවරයා මෙම අනතුරින් තුවාල ලබා ඇති අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කොට තිබේ.

දැව කඳන් තොගයක් ප්‍රවාහනය කිරීම  සඳහා යමින් තිබු මෙම ලොරි රථයට ජීවිතක්ෂයට පත් පුද්ගලයා නානුඔය නගරය වෙත යාම පිණිස අතරමගදී නැග  ඇති බවත්, ඔහු ලොරි රථයට ගොඩ වී  මද දුරක් ගමන් කරමින් සිටියදී ලොරි රථය අනතුරට ලක්ව ඇතැයි පොලීසිය සිදු කරන ලද මුලික විමර්ශණවලදී අනාවරණය වී තිබේ.

@තලවකැලේ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *