Latestදේශීය

සජිත්ට එරෙහිව ෆොන්සේකා අධිකරණයට

සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා එම ධුරයෙන් ඉවත් කිරීම, එම පක්ෂයේ සාමාජිකත්වය අත්හිටුවීම මෙන්ම ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (19) වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ගොණු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.

මෙම වාරණ නියෝගය දින 14ක් දක්වා බලපැවැත්වේ.

සමගි ජන බලවේග සභාපති සරත් ෆොන්සේකා ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන විසින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා වෙත මෙම වාරණ නියෝග නිකුත් කර ඇත.

පෙත්සම් කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, හිටපු හමුදාපති දයා රත්නායක සමගි ජන බලවේගයට එක්කර ගැනීම සම්බන්ධයෙන් තම සේවාදායකයා ඊට එරෙහිව පළ කළ අදහස් පදනම් කර ගෙන ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බවට පසුගිය කාලයේ මාධ්‍යවලින් තොරතුරු පළවී තිබූ බව සඳහන් කර ඇත.

එවැනි ආකාරයෙන් අසාධාරණ ලෙස තම සේවා දායකයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම, තනතුරු අත්හිටුවීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය සහ සමගි ජන බලවේගය තුළ දරන තනතුරු අත්හිටුවීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් සරත් ෆොන්සේකා වෙනුවෙන් අධිකරණයේ කරුණු දක්වමින් ඔහු ඉල්ලා තිබේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?