Latestදේශීය

කොටකෙතන ඝාතකයාට මරණ දඬුවම

(මනෝප්‍රිය ගුණසේකර සහ අප්සරා යෝෂිත් විජේසූරිය)

ලංකාවම භීතියට පත් කරමින් රත්නපුර කොටකෙතන ප්‍රදේශයේ සිදු වු කාන්තා ද්විත්ව ඝාතන රැල්ලේ මවක සහ දියණීයක දුෂණය කර මරා දැමීමේ චෝදනාවන්ටට වරදකරු වු ‘දාම ඝාතකයාට’ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය මරණ දඬුවම අද (19) නියම කළාය.

අධිකරණයේ දැල්වෙමින් තිබු විදුලි බුබුළු නිවා දමා ක්‍රියාත්මක වෙමින් තිබු විදුලි පංකා අක්‍රිය කර විත්තිකරුට මරණීය දඬුවම පැනවු විනිසුරුවරිය ජනාධිපතිවරයා නියම කරන දිනයක සහ වේලාවකදී වැලිකඩ බන්ධනාගාරය තුළදී විත්තිකරුගේ ප්‍රාණය නිරුද්ද වනතුරු ඔහු බෙල්ලෙන් එල්ලා තැබීමට නියම කළාය.

ඩී.එන්.ඒ. තාක්ෂණය යොදා ගනිමින් නීපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල මෙහෙය වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීන්දු කරමින් මරණ දඬුවම නියම කළ විනිසුරුවරිය පෑන කඩා දැමුවාය. 

පිටු 147කින් යුතු තීන්දුව පුරා පැය දෙකට ආසන්න කාලයක් අධිකරණයේ ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව විනිසුරුවරිය විත්තිකරුට දඬුවම් පැමිණ වූ අතර අධිකරණ භාෂා පරිවර්තිකාව ලෙස කටයුතු කළ මංජුලා උදයංගනී මැදවත්ත මෙනවිය අධිකරණයේ කටයුතුවලට සහාය දැක්වූවාය.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *