Latestදේශීය

පොලීසියෙන් වන හිරිහැර ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළා – ක්‍රීඩක චමීර විජේබණ්ඩාර 

පසුගියදා 12 වෙනිදා යාපනය වෛද්‍ය පීඨ ආදි ශිෂ්‍ය සංගමයේ සහයෝගයෙන් Riders Hub Cycling Club විසින් සංවිධානය කරන ලද P2P පාපැදි සවාරියේ වයස අවුරුදු 40න් පහළ කාණ්ඩයට සහභාගි වී අනුශූරතාව දිනා ගත් පාපැදි ක්‍රීඩක චමීර විජේබණ්ඩාර පදිංචි ගමට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් එම ක්‍රීඩකයාගේ නිවස අවට සෝදිසි කර ප්‍රදේශයේ විවිධ පුද්ගලයින්ගෙන් තමා ගැන තොරතුරු ලබාගෙන තිබීම සම්බන්ධයෙන් එම ක්‍රීඩකයා විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

උක්ත පාපැදි සවාරියේදී තමන් හිමිකරගත් කුසලතා සහතික ඇතුළු සම්මාන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අතින් ලබා ගැනීම, පොලිස් දෙපාර්තමේන්තුවේ මෑත කාලීන භාවිතයන්ට විරෝධය පළ කරමින් ප්‍රතික්ෂේප කරන ලදී.

අදාළ සිදුවීමෙන් පසු පෙබරවාරි 15 වනදා ඔහු ස්ථිරව පදිංචි වැලිමඩ, මාදෝවිට ගම වෙත පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ සෝදිසි කර, ප්‍රදේශයේ විවිධ පුද්ගලයින්ගෙන් තමා ගැන තොරතුරු ලබාගෙන ඇති බවද ඔවුන් තමාගේ පසුබිම හා දේශපාලන අදහස් සම්බන්ධයෙන්ද විමසා ඇති බවද ඔහු සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

මේ හේතුවෙන් ඉංජිනේරු උපාධිධාරියෙකු සහ පරිගණක ආශ්‍රිත ව්‍යාපාරයක් පවත්වා ගෙන යන අයෙකු වන තමන්ගේ සාමකාමී පෞද්ගලික ජීවිතයට සහ වෘත්තීය ජීවිතයට ඇති විය හැකි බලපෑම පිළිබඳව කනස්සලට පත්ව ඇති බවද, එය තමාට මානසික වධහිංසාවක් බවද ඔහු සිය පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එදින ඔහු එහ සම්මාන ලබා ගනු ලැබූවේ රයිඩර්ස් හබ් පාපැදි සමාජයේ සභාපති කලීල් ගෆූර් අතිනි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?