Latestදේශීය

බොරැල්ලේ වෙඩිතැබීමක්

බොරැල්ලේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.ඒ මැගසින් බන්ධනාගාරය ඉදිරිපිට පිහිටි ආනන්ද රාජකරුණා මාවතේ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් අසලයි.

ඊයේ (19) රාත්‍රී කාලයේදී මෙම වෙඩිතැබීම සිදුව තිබෙන අතර යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා. වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

38 හැවිරිදි වියේ පසුවන අදාළ නිවාස සංකීර්ණයේ කුලී පදනම මත සිටින පුද්ගලයෙකු වෙඩි වැදීමෙන් මෙලෙස තුවාල ලබා තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *