Latestදේශීය

චන්ද්‍රිකාවක් අද පොළොවට කඩා වැටීමට නියමිතයි

යුරෝපා අභ්‍යවකාශ ආයතනය, පෘථිවි කක්ෂයේ රඳවා තිබූ චන්ද්‍රිකාවක් අද (21) පොළොවට කඩා වැටීමට නියමිතය.

රාත්තල් 5,000 ක් බර මෙම පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාව, පෘථිවි කක්ෂයේ රැඳවූ චන්ද්‍රිකා අතරේ පුරෝගාමී චන්ද්‍රිකාවක් ලෙස සැලකෙයි. යුරෝපා විද්‍යාඥයන් ‘ඊආර්එස්2’ නමැති මෙම චන්ද්‍රිකාව, පෘථිවි කක්ෂයට යවා රැඳවූයේ 1995 දීය. අක්‍රිය වීමෙන් පසු චන්ද්‍රිකාව පහළ පෘථිවියට කඩා වැටීම ආරම්භ වූයේ 2011 වසරේ සිට යැයි පැවැසෙයි.

‘ඊආර්එස්2’ චන්ද්‍රිකාව, අද (21) දින අධික වේගයකින්, ගිනි ගෙන දැවෙමින්, පෘථිවියට කඩා වැටෙන බවත්, එයින් කිසිවකුටවත් අනතුරක් සිදු නොවනු ඇති බවත් යුරෝපා විද්‍යාඥයන් පවසා තිබුණි. පෘථිවි වායුගෝලයට පිවිස අධික වේගයෙන් පහළට එද්දී, චන්ද්‍රිකාවෙන් වැඩි කොටසක් ගුවනේදීම විනාශ වනු ඇතැයි ද යුරෝපා විද්‍යාඥයන් වැඩි දුරටත් පවසා තිබුණි.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *