Latestදේශීය

සෞඛ්‍ය වෘත්තීය ගැටලුව සම්බන්ධ අවසන් යෝජනාවලිය

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ අදහස් හා යෝජනා පිළිබඳ අමාත්‍යාංශ අවසන් යෝජනාවලිය ලබන 28 වෙනිදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ යෝජනා සලකා බැලීමට පත්කළ විශේෂ කමිටුව ඊයේ (20) සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්වුණි.

ඒ අනුව එම යෝජනාවලිය ද එළැඹෙන 28 වැනිදා පස්වරු 3ට මෙම විශේෂ කමිටුව හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සිය වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබාගැනීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගෙන් ඉල්ලීමක් කර තිබිණි.

ඒ අනුව අමාත්‍යවරයාගේ නිර්දේශ මත අදාළ කමිටුව පත් කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ වෛද්‍ය රසායනාගාර විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා ප්‍රකාශ කළා මූලික වශයෙන් තම යෝජනාවලට එකඟතාව පළ වූ බවය.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක සුදත් ජයසිරි මහතා සඳහන් කළේ, ගනු ලැබූ තීරණය කඩිනමින් ක්‍රියාත්මක කරණු ඇතැයි විශ්වාසය කරන බවය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *