Latestවිදේශීය

ටානියා සිං ගේ මරණයට අභිෂේක් ෂර්මාගෙන් ප්‍රශ්න කරයි

ඉන්දීය මොස්තර නිරූපිකාවක් වන ටානියා සිං ගේ මරණය සම්බන්ධයෙන් ඇය සමඟ සමීප ඇසුරක් පවත්වා ඇති ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක අභිෂේක් ෂර්මාගෙන් ප්‍රශ්න කිරීම සඳහා නොතිසි නිකුත් කිරීමට ඉන්දීය පොලීසිය කටයුතු කර තිබේ.

28 හැවිරිදි වියේ පසු වූ ටානියා සිං පසුගිය සඳුදා (19) සිය නිවසේ නිදන කාමරයේ දී ගෙල වැළලාගෙන සියදිවිනසා ගෙන තිබුණි. 

නමුත් ඇයගේ මෙම සිය දිවි නසා ගැනීමට හේතුවක් මෙතෙක් නිශ්චිතව සොයා ගැනීමට නොහැකි වී ඇති අතර ඇයගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ඇය සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ක්‍රීඩා කරන IPL ක්‍රීඩක අභිෂේක් ෂර්මා සමඟ සමීප ඇසුරක් පවත්වා ඇති බවය.

නමුත් දින කිහිපයක සිට ඇය යැවූ WhatsApp පණිවුඩ සඳහා ඔහු කිසිදු පිළිතුරක් ලබා දී නොමැති බව මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

ඒ අනුව ටානියා සිං ගේ මරණය සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක අභිෂේක් ෂර්මාගෙන් ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව ඉන්දීය පොලීසිය වැඩිදුරටත් පවසා ඇත.

තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන අභිෂේක් ෂර්මා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරයි. 

IPL තරගාවලියේ දී පළමුව දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ට ක්‍රීඩා කළ අභිෂේක්, 2019 දී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ට එක්විය.

sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *