දුම්රිය හරස් මාර්ග ගේට්ටු සඳහා නව බඳවාගැනීම්
දුම්රිය හරස් මාර්ග ගේට්ටුවල ආරක්ෂාව වෙනුවෙන් බහුකාර්ය කාර්ය සාධක බලකායට 2000ක පමණ පිරිසක් බඳවා ගැනීමට ඉල්ලීමක් කර ඇත.
මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් එම ඉල්ලීම සිදු කළ බව දුම්රිය ධාවන අධිකාරි එන්. ජේ. ඉදිපොලගේ මහතා සඳහන් කළා.
ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමකදී අමාත්‍යවරයා විසින් මෙම ඉල්ලීම කර ඇත.
මීට පෙර බහුකාර්ය කාර්ය සාධක බලකායට 3000කට ආසන්න ප්‍රමාණයක් , මාර්ග නඩත්තු කටයුතු සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවාගෙන තිබෙන බවද සඳහන් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

