කැස්බෑ බිත්තර සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
(ගයාන් සූරිය ආරච්චි)
කැස්බෑ බිත්තර 111 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු කොස්ගොඩ ප්‍රදේශයේදී ඊයේ (23) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
කොස්ගොඩ පාලම අසල වෙරළ තීරයේදී මෙම වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් පුද්ගලයා 41 හැවිරිදි කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදු විමර්ශන සඳහා වනජීවි දෙපාර්තමේන්තුවට භාරදී තිබේ

@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

