Latestදේශීය

ගංජා පානය කරමින් සිටි පොලිස් නිලධාරියා අත්අඩංගුවට

පුත්තලම පොලීසියේ සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉකුත් 23 වැනි දා කටයුතු කර තිබේ.

වැඩ තහනමට ලක් ව ඇත්තේ, කල්පිටිය – ආන්දන්කන්නියේ පදිංචි වයස අවුරුදු 40ක පොලිස් කොස්තාපල්වරයෙකි.

ඒත්තාලේ – ආංකුඩාව ප්‍රදේශයේ රහසිගත ස්ථානයක කිසියම් පිරිසක් ගංජා පානය කරමින් සිටින බවට ඉකුත් 22 වැනි දා සවස නොරොච්චෝලේ පොලීසියට තොරතුරක් ලැබී ඇත.

එම තොරතුරට අනුව අදාළ ස්ථානය වටලා සැකකරුවන් 07 දෙනෙකු නොරොච්චෝලේ පොලීසියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර වැඩ තහනමට ලක් ව ඇති පොලිස් කොස්තාපල්වරයා ද සිට ඇති බව සඳහන් ය.

ඔහු සතු ව තිබී ගංජා මිලි ග්‍රෑම් 1,200ක් ද වැටලීම කළ නිලධාරින් විසින් සොයාගෙන තිබේ.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඇතුළු 07 දෙනා 23 වැනි දා සවස කල්පිටිය වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර ඇත.

එහි දී සැකකරුවන් රුපියල් ලක්ෂයක වෙන් වෙන් වූ ශරීර ඇප මත මුදා හැර තිබේ.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *