රනිල් සජිත් ගණුදෙනු වේගවත් කරයි
සමගි ජන බලවේග නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සමඟ එකගතාවයකට පැමිණෙනු ඇති දේශපාලන කවයන්හි සාකච්ඡා වෙමින් ඇත.
එ් අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර සජිත් ප්‍රේමදාස මහතා මහ මැතිවරණයේදී අගමැති දුරය ලබා ගන්නා ලෙසට කෙරෙන ඉල්ලීම් ඉහල ගොස් ඇති බවද සඳහන්ය.
සමගි ජන බලවේගය තුළ සිටින පිරිස් ද අවස්ථා ගණනාවකදීම ප්‍රේමදාස මහතාට මේ පිළිබඳව දන්වා ඇති අතර එසේ නොවන්නේ නම් තමන් දේශපාලන තීන්දුවක් ගැනීමට සිදුවන බවද දන්වා ඇත.
සමගි ජන බලවේගය ග්‍රාමීය මට්ටමෙන් ක්‍රියාකාරීන් රැසක් ද නැවත රනිල් වික්රමසිංහ මහතා ලෙස එක්ක සමග එක්වන ලෙස ප්‍රාදේශීය නායකයන්ගෙන් ද ඉල්ලා ඇති අතර එසේ නොවන්නේ නම් තමනට ද රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය පිළිගෙන ඔහු සමඟ එක්වීමට සිදුවනු ඇති බවද දන්වා තිබේ.
මේ අතර මෙරට පිහිටි ප්‍රධාන පෙළේ තානාපති කාර්යාල දෙකක්ද රනිල් සජිත් එක් කිරීමේ මෙහෙයුමක සිටින බවද වාර්තා වෙයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

