Latestදේශීය

රනිල්ගේ කිත්සිරි රාජපක්ෂ ගොඩනැගිල්ලක් බලෙන් අත්කර ගනියි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සමීපතමයෙකු වන කොළඹ නගර සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ එම නගර සභාවට අයත් ගොඩනැගිල්ලක් බලෙන් අත්පත් කර ගෙන තිබේ.

මෙම ගොඩනැගිල්ල මරදාන ආනෝල්ඩ් රත්නායක මාවතේ තිබෙන ප්‍රජා ශාලාවක් බව වැඩි දුරටත් අනාවරණය වේ. එය අනවසරයෙන් අත්පත් කර ගැනීමට එරෙහිව අභියාචනාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර එය විභාගයට ගෙන මාර්තු 06 වෙනි දින දක්වා කල් තබා ඇත.

එම පෙත්සමින් වගඋත්තරකරුවන් ලෙස කොළඹ මහ නගර සභාවේ කොමසාරිස් භද්‍රානි ජයවර්ධන, පළාත් පාලන කොමසාරිස්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර, පළාත් පාලන ඇමති සහ රනිල් වික්‍රමසිංහගේ සමීපතම ගෝලයා වන කිත්සිරි රාජපක්ෂ ද නම් කර තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *